මෙතැන් පටන් ගුවන් කාලය වෙන් වන්නේ මේ වැඩසටහනට . නම, අඥාත ප්‍රඥාව , නම පොඩ්ඩක් රුවිත තලේ උනත් වැඩසටහන ඒ තරම් රුවිත නැහැ . මේ වෙද්දී වැඩසටහනේ නම කන වැකීමෙන්ම හෝන්දු මාන්දු ගතියක් දැනෙන්න පටන් ගත් කොටස වෙනුවෙන් නම සරල කරන්න උනත් පුළුවන් , අඥාත කියන්නේ නොදන්නා කියන එකනේ , ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන එක නම් තවම හොයනවා . හරියටම නොදත් ඒ වචනයේ තේරුම සොයන එක තමයි වැඩසටහනේ අරමුණ .
සාමාන්‍යයෙන් , ගණිත සමීකරණ වල උත්තරේ නොදැන උත්තරේ ලබාගන්න ඔලුවෙන් හිටගෙන උත්සහ කරද්දී දාන එක දහං ගැටයක් තමයි උත්තරේට අඥාත පදයක් දාන එක . 2 ගුණකිරීම 5 කීයද කියල නොදන්නා කොට දෙවරක් පහ සමානයි " x " කියනවා. මෙතන වෙන්නෙත් එහෙව් විජ්ජාවක් , අපි උත්සහ කරන්නේ හරියට නොදත් මේ වචනේ ඇතුලේ තියෙන්නේ මොකද්ද කියල හොයන්න .
එකට කන්බෙරේට හයියෙන් වැදෙන දිව උලුක් වෙන නමක් දැම්මේ , පූසෙකුට කරපොත්තෙක් අහු උනාම එක එක සෙල්ලම් දාල ලබන මහා අමුතු සන්තෝසෙට කිට්ටු හැඟීමකින් .
ආයේ අපි ප්‍රධාන මන් තීරුවෙන් පොඩ්ඩක් එහාට ගියා .
ප්‍රඥාව , ප්‍රඥාව කියන්නේ මොකද්ද?
ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව දන්නා හින්ද ප්‍රඥාවේ මුල, ඉංග්‍රීසියෙන් කියන origin එක එහෙමත් නැත්නම් ජන්මේ නොසොය අපි කෙලින්ම ප්‍රඥාව පුරුදු කරපු කිහිප දෙනෙකුගේ වචන වලට එබෙන්න තීරණය කළා .
ප්‍රඥාව පාසලකින් හෝ විද්යයතනයකින් , විශ්වවිද්‍යාලයකින් ලද හැකි භාණ්ඩයක් හෝ සේවාවක් නොවන බවත් එය ජීවන අත්දැකීම් වල අග්‍රගන්‍ය ඵලය බවත් අයින්ස්ටයින් කිව්වා . ප්‍රඥාව යනු නොදන්නා බව දන සිටීම කියල සොක්රටීස් කිව්වා .
'ලොකු කතා ඕනේ නෑ , අපි කව්රුත් පොඩි මිනිස්සු' *, මේවා ලොකු පොත්වලින් හොයාගත්ත ලොකු වාක්‍ය . ඔය කියන ලොකු සංකල්පේ බින්දුවෙන් පටන් අරන් තියන තැනකින් සොයාගැනීමට උත්සහ කිරීමයි , වැඩසටහනේ මුඛ්‍ය අභිලාශය හෙවත් කරන්න ඉන්න වැඩේ .
මේ කතාව කියන මම ප්‍රඥාවන්තයෙක් නෙමෙයි , එත් එහෙම දෙයක් තියනවා සහ එකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් බව දන්නා කෙනෙක් , එහෙම ගත්ත වැඩ වලින් අවුන්සෙන් මිලියනෙන් එකක් විතර ගැන දන්නා කෙනෙක් .
මහා ඇලෙක්සන්ඩ්රීයාවේ ඇලක්සන්ඩර් රජතුමාට බීර පීප්පයක් ඇතුලේ ඉඳන් අභියෝග කලේ ඩයෝජිනිස් ගේ ප්‍රඥා මහිමය. තව සොක්රටීස් ගේ අතට වහ කෝප්පේ වැඩම්මෙද්දී ඒ වහ දීමේ අරමුණ සොක්රටීස් ව මැරීමටත් වඩා සොක්රටීස්ගේ ප්‍රඥාව නිහඬ කිරීම .
මේ කතා පස්සේ දවසක විස්තර ඇතිව අඥාත ප්‍රඥාවෙන් කියන්න බලාපොරොත්තු වෙනවා .
ප්‍රඥාව අතීතයේදී ජීවත්වෙලා තියනවා , සියදිවි හානි කරගෙන තියනවා , මරල දාලත් තියනවා .
අතීත කාමෙන් මිදිලා වර්තමනෙට එද්දී පවතින සියලුම ඝෝෂා මැද්දේ වුනත් ප්‍රඥාවේ ලබ් ඩබ් සද්දේ තාම උනත් ඇහෙනවා .
අවරුදු දාස් ගානකට කලින් ඊසොප්, මිදී කන්න අපු නරියගෙ කටට , "මිදී තිත්තයි " කියල ඔබ්බවල යවනවා .
ඔය කතාව අපි අල්ලගන්නේ වැරදි තැනකින් ,ඒකට කියන්නේ ප්‍රඥාව වැරදි තැනකින් ඇල්ලීම .
නරිය අපි පොඩි කාලෙම අපි ලඟට ඇවිත් ," මිදී තිත්තයි හලෝ " කිව්වම , අපිත් සූප්පුවෙන් බොන කාලෙම නරියගෙන් ඉගන ගන්නේ ශේප් න්‍යාය , ඇඟ බෙර ගැනීමේ කලාව වගේ දේවල් .
ඊට ගොඩ කාලෙකට පස්සේ 13 8 දුවන ත්‍රීවිල් සෝමේ අයිය " මිදී කවද්ද තිත්ත , නරි කියයිද ඇත්ත " කියල වීල් එකේ පිටිපස්සේ ගහගන්නවා .
එකෙන් වදින කම්මුල් පාර සැරයි , ඊසොප්ව එතකොට හරි විදියට මතක් වෙනවා , නරියා එතකොට අපහු ඇවිත් කම්මුල අතගන්නේ නෑ , අපිම කම්මුල ඇත ගාගෙන ඔලුවේ මලකඩ ටික හූර ගන්නවා .
ප්‍රඥාව එහෙමයි , ඔලුවේ බැඳුන මලකඩ හුරනවා , මෙච්චර කල් නොදැක්ක දේවල් ඇස් පාදලා පෙන්නනවා , හිතන්න පුරුදු කරවනවා .
පුළුවන් විදියකට පිළිවෙලකට , දැනෙන තැනකින් අල්ලලා තැනෙ හැටියට ඇණේ ගහන්න හෙට ඉඳන් අපි ප්‍රඥාව හොයන යන ගමන පටන් ගමු .
තමන් දන්නේ නෑ කියල දන්නා එකත් ලොකු දෙයක්ලු නේ .
අඥාත ප්‍රඥාවෙන් හෙටත් හමුවෙමු .
ආයුබෝවන් !
07/12/2012
